තමන්ට කෙනෙක් අකමැති වෙන්නෙ හරි තමන්ව ප්‍රතික්ෂේප කරන්නෙ හරි ඒ කෙනා අකමැති මොනවහරි දෙයක් තමන්ගෙ ළග තියෙන නිසා. ඒ දේ ඇත්තටම තමන්ගෙ වැරැද්දක්නන් ඉක්මනටම හදා ගන්න එක තමයි හොද. වැරැද්දක් නොවී ඒ තමන්ගෙ හැටිනන් හරි ඒ එයාට පේන විදිහනන් හරි වුනොත් අකමැති කෙනාට බම්බුගහගන්න කියල තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න එක තමා හොදම. මොකද අපට බෑනෙ ගමටම සිරියාවි වෙන්න. කොහොම වුනත් මම මේ කියන්න හදන්නෙ එයා අකමැති දේවල් ළග තියාගෙනම කැමති කරගන්න විදිහෙ Short and Sweet ක්‍රමයක් ගැන.
වශී ගුරුකම් කිව්වහම හැමෝම දන්නවා. පත්තර වලත් ඔය ඕන තරන් තියෙන්නෙ. මේ දේවල් ඈත අතීතයෙ ඉදලම තිබිල තියෙනව. ආලෝකය තාපය වේගය වගේ ශක්තීන්ට ස්වභාවික බලයක් තියෙනව. ශබ්දයටත් එහෙමයි. ඉතින් මේ ශබ්දය නිසි විදිහකට ගලපල සකස් කරන එකටලු මන්තර කියන්නෙ. මන්ත්‍ර බලය ටික කාලයක් රදව ගන්න සුදුසු භෞතික ද්‍රව්‍යයකට සම්බන්ධ කරන්න වෙනව. හරියට අයන් එක රත් වුනාට පස්සෙ ස්විච් එක off කරලත් අයන් කරන්න පුලුවන් වගේ.
බෙහෙත්, සුර, ද්‍රව වගේ දේවල් වලට බලය විතැන් කරනව.
කෙනෙකුට මේ දේවල් පට්ට බොරු කියල තර්ක කරන්න අයිතියක් තියෙනව. ඒත් වාතයට වඩා බර වස්තුවක් බාහිර බලපෑමකින් තොරව අවකාශයේ තිරස්ව ගමන් කරවන්න බෑ කියල තමන්ගෙ මුළු සේසතම වුනත් ඔට්ටු අල්ලන්න ලෑස්තිවුණු අය හිටිය රයිට් සහෝදරයො දෙන්න එයාලගෙ පළමු සාර්ථක ගුවන් ගමන අත්හදා බලන්න සතියකට කලිනුත්. අනිත් එක හොද වෙලාවට කවුරුහරි හොයාගෙන තිබුනෙ පෘථිවිය තමාවටේ කැරකි කැරකි සූර්යා වටේ කැරකෙනව කියල. නැත්තන් එහෙම අපි ඉර නගින බහින හැටි පෙන්න පෙන්න ඔප්පු කරන්න හදයි සූර්යා පෘථිවිය වටේ කැරකෙනව කියල.
ඇත්ත වුනත් බොරු වුනත් වශී ගුරුකම් වලින් කෙනෙකුගෙ හිත දිනාගන්න එක ස්වභාවික නෑ. ස්වභාවික නොවන දේවල් වලට ස්වභාවික පරිසරය ඇතුලෙදි පැවැත්මක් නෑ. බලය ක්ෂය වුනාම පැවැත්ම අවසන් වෙනව. ඒ වගෙ දේවල් කරන්නාටත් කරවන්නාටත් ප්‍රතිවිපාක ලැබෙනව. අනිත් එක තමන්ට අකමැති කෙනෙක්ව කැමතිකරව ගන්නෙ මොන මගුලටද?
මේ වශී දැහැන පරණ පුස්කොළ පොතනින් අරගත්තෙ. ඒකෙ බලසම්පන්නභාවය ගැන දිවුරල කියල තිබුන.කවුරුවත් අත්හදා බලන්නවත් යන්න එපා. බැරිවෙලාවත් මන්තරේ කිරි ගහට ඇන්න වගේ වැඩ කළොත් එහෙම පස්සෙ ෂේප් වෙන්න විදිහක් නෑ මොකද ප්‍රති බන්ධන මන්තරයක් මේකට නෑ. හරියට වන් වේ පාරක් වගේ.
2013-01-20
2013-01-09
මිනිස්සු විතරද ආදරේ කරන්නෙ...
මේක මම කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ ඉන්නකාලෙ ගත්ත පින්තූරයක්.
කොළඹ විශ්ව විද්‍යාලෙ පරණ පුස්තකාල ගොඩනැගිල්ල ඉස්සරහ තියෙන මාර ගහ යට දවසක් පූස් පැටියෙක් නිදාගෙන හිටිය. ඒ ඔය කහපාට එක්කෙනා. පිරිමි සතෙක් වගේ පෙනුනෙ. මෙයාගෙ අනිත් එක්කෙනා ටිකක් එහාට වෙන්න හිටියෙ. මම ඔතනින් ලෙක්චර්ස් යනකොට මාව දැකල බයවුන අර ඈතින් හිටපු පූස් පැටිය දුවගෙන ගිහින් අර ගහයට හිටපු යාලුව ළග තුරුල්වුනා. මම හිමින් ගිහින් මගෙ පෝන් එකෙන් දෙන්නගෙ පොටෝ එකක් ගත්ත.
2007 දී ඕක ගත්තෙ.
ඉතින් ඒ පොටෝ එක තාම තියෙනවා. මාර ගහත් ඒ විදිහටම ඇති. ඒත් පූස් පැටව් දෙන්නයි එයාලගෙ ආදරයිනන් තාම තියෙනවද දන්නෙ නෑ.......

Subscribe to:
Posts (Atom)