සේපාලිකාවන් පිපෙන පැයේ
හදවතට ලං වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලි
මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා.......//
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්
මේ හැටිම නපුරුයි කියා
රන් තාරකාවන් දිළෙන රැයේ.......
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවඳ ඒ යැයි කියා.......//
නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා
මුළු රැයම ගෙවිලා ගියා
රන් තාරකාවන් දිළෙන රැයේ.......
වයස් භේදයක් නැතිව අපි හැමෝගෙම හිතට අමුතු විදිහෙ විරහවක් වගේම නෙතට කදුළක් දැනෙන ඉතාම හැගුම්බර ගීතයක් මේක. ජගත් වික්‍රමසිංහයන්ගේ ළගන්නා සුළු මිහිරි ගායනයත් ඒ් වගේම පංචසිකගෙ වීනා නාදය වගේ ගායනයටම ගැලෙපෙන සප්තස්වරයත් නිසා මේ ගීතය සහෘදයන්ව අමුතු ලෝකයකට ගෙනියනව. අත්දැකීමෙන්මයි කියන්නෙ රෑ නවයට විතර වගේ නිදහසේ ඉන්න වෙලාවක අැස්දෙක පියාගෙන අතීත වැලි තලාවෙන් වැහුණු ඒ අාදරණීය මතකයන් හිතේ රදවගෙන මේ ගීතය අහන්න. අැස් දෙකට කදුළු ඒනවා ඒනවාමයි.
දෙෙනික කාර්ය බහුල ජීවිතයක් ගත කරන අපි හැමෝම ඒ වැඩ කටයුතු ඔක්කොම ඉවර කලාට පස්සෙ නිදා ගන්න වෙලාව ඒනකන් ටිකක් නිවි හැනහිල්ලෙ ඉන්න වෙලාවක් තියෙනව. පුද්ගලයගෙන් පුද්ගලයට ඒ වෙලාව වෙනස්. ඒත් පොදුවේ අට, නවය, නවයයි තිහ වගේ වෙලාවක්! මේ වෙලාවට මුළු අහසම දහස් ගානක් තරු වලින් පිරිල. ඉමක් කොනක් නැති අහසට ඒළිය දෙන්න ඒ් තරු හොදටෝම අැති. ඒ විතරක් නෙමේ දවස පුරාම නිහඩව හිටපු සේපාලිකා ගස් වල මල් හිමින් හිමින් පිපෙන්න පටන් අරගෙන. නිදහසේ ජීවිතය ගැන මෙනෙහි කරන්න, අතීතය අාවර්ජනය කරන්න, අනාගතය ගැන සිහින මවන්න දවසේ හොදම වෙලාව. මෙන්න මේ වගෙ වෙලාවක් තමයි ගීතයෙ පළමු පේලි කීපයෙන් කියැවෙන්නෙ.ඉතින් අපේ ගීතයට ප්‍රස්තූත වෙච්ච මේ තරුණයා ලෝකයා ඉස්සරහ නිල වශයෙන්ම වෙන් වෙලා ගිත සිය අාදරවන්තියට අාරාධනා කරනව ළගට ඒන්න කියල. සැබෑ ලෝකෙදි අැය ඒන්නෙ නැති නිසා ඹහු ඉල්ලන්නෙ සිහිනෙක දැවටිලාහරි හැමෝටම හොරෙන් තමන් ළගට ඒන්න කියල. කොයි තරම් අහිංසක අාරාධනයක්ද ඒක.
''හදවතට ලං වෙන්න කාටත් හොරා''
සිහිනයක දැවටී වෙලි
සිහිනයක දැවටී වෙලි
තමන්ගෙ ජීවිතය මහා අන්ධකාරයක තනි කරල අැය යන්න ගිහින් තියෙන්නෙ හරිම නපුරු විදිහට. තමන් ඒක්ක අාදෙරන් බැදිල හිටිය අැය වෙන්ව ගියඒක ගැන ඔහු පුදුම වෙනව. අැයට මේ තරම් නපුරු හිතක් තිබුනෙ කොහොමද කියල ඔහු කල්පනා කරනව. ඉර වගේම හදත් නැගෙනහිරින් පායල බටහිරෙන් බැහැල යනවනෙ. හද අහසෙ ගමන් කරන්නෙ හරිම හිමින්. කොයි තරන් හිමින්ද කියනවනන් හද අහසෙන් බැහැල යනව කියල අහස දන්නෙත් හද බැහැල ගියාට පස්සෙලු. ඉතින් ඒ වගේම මේ සදවතියත් තමන්ගෙ අාදරවන්තයගෙ ජීවිතෙන් අෑත් වෙලා තියෙන්නෙ ඔහුටත් නොදැනීමයි.
''මා දෙනෙත අඬ අදුරේ රඳවා තියා''
සඳවතිය පාවී ගියා
කොහොම උනත් මේ අාදරවන්තය තාමත් සිය අාදරවන්තිය නැවත ඒවි කියන ප්‍රේමණීය ඒ්වගේම නිෂ්ඵල බලාපොරොත්තුවත් හිතේ කොනක හංගගෙන බලාපොරොත්තුවේ දැස් දල්වාගෙන බලාගෙන ඉන්නව. ඒක් අතකට ඒක අරුමයක් නෙමේ. තමන්ගෙ සුන්දර ප්‍රේමය බිද වැටිල අපේක්ෂා භංගත්වයට පත්වුණ මේ ලෝකෙ ඉන්න අාදරවන්තයින් බොහොමයක් දෙනා සිහින දකින්නෙම තමන්ගෙ ප්‍රේමය නැවත තමන් සොයාගෙන ඒනවට. අැත්තටම විරහව කියන්නෙ මතක් කරන වාරයක් පාසා පෑරෙන වේදනාවකින් හිත පුරවගෙන ඒ පුපුරු ගහන වේදනාව අැතුලෙ තියෙන අල්ප මාත්‍රික වින්දනයකට. ඒහෙම හැගීමක් ස්වභාව ධර්මය ඒහෙමත් නැතිනම් මානව පරිණාමය විසින් මනුෂ්‍ය චිත්තාභ්‍යන්තරයට කාවැද්දුවෙ අැයිද කියන ඒක හොයල බලන්න වටිනව. ඉතින් මේ අාදරවන්තයගෙ සිහිනය සැබෑ වෙයිද....... කොහෙත්ම නෑ. අැය නැවත ඒන්නෙ නැ. ඒක ඔහුත් දන්නවා.
''නිදි නොමැති නෙත් අගට කඳූලක් තියා''
මුළු රැයම ගෙවිලා ගියා
මුළු රැයම ගෙවිලා ගියා
මේ ලින්ක් ඒකෙන් සිංදුව බලන්න