දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී. මේවා අමුතු ආකරයේ සිහින වූ නිසා මෙ පිළිබඳව තම රාජ සභාවේ සිටි පණඩිතයන් ගෙන් විමසන ලදී. නමුත් රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී විය. එම නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී.














