සක්මන් කරන මළුව පාළුයි
දේවී
මං
විතරයි,
ඔබ
කිසි දිනෙක නොඒවි
ඉක්මන්
ගමන් එපා පා පැකිලේවී
දස්කොන්
සකිසඳ මා ඔබේ කුමාරි
.....
සෙංකඩගල වටකළ පවුරු
වළල්ලේ
පෙම් ගී ගැයු විහඟුන්
හැපී වැටෙන්නේ
රන්තරු
දෑස පියන රෑ හඳපානේ
අත්තන
මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ
.....
වාසල මිනිබැඳි දොර අරින
වෙලාවේ
දෑසින්
වැටෙන කඳුළු මට සිහිනොවුනේ
ඒ
ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා
තනිකරන්නෙපා මතු සංසාරේ.................
සෙන්කඩගල රජ මැඳුර තුළ දස්කොන්ගේත්, ප්‍රමිලාගේත් ප්‍රේමය
හඩා වැටෙයි.ආදරය කිරීම මරණය උරුමවන වරදක් වන්නේ කෙසේදැයි බලා සිටින සියල්ලන්ගේම හිතට නැගේ. වධකයන් කැටුව ගෙලෙහි රතු මල්මාලාවක් දමා මළ බෙර හඩවමින් දංගෙඩිය වෙත පිය නගන සිය ළබැදි සහෘදයා දෙස කුමරිය අවසන් වතාවට බලා සිටියි. ඔහුගේ හිස කදින් වෙන් වන්නේ තමන් වෙත පෑ සෙනෙහස නිසා බව ඇය දනී.ඉක්මන්
ගමන් එපා පා පැකිලේවි යැයි ඇය සිතින් මුමුණයි.නමුත් එය කාට නම් ඇසේවිද? මතු
සංසාරේ දී හෝ තනි නොකරන්න..!!! ඒ ඇගේ අවසන් පැතුමයි.
දෙවන රාජසිංහ රජ කරන සමය තුළ ලංකාවට පැමිණෙන ලැනරෝල්
නැමති ප්‍රංශ ජාතිකයා රජු හමුවට
පැමිණේ. මෙම කාල වකවානුවේ රාජසිංහ රජු පෘතුගීසි සමඟ යුද වැදී ඕලන්දකාරයෝ සමඟ ගිවිසුමකටද එළඹව
සිටීය. එනම් පැහැදිලි පාලන අස්ථාවරත්වයක් තිබිණි. එබැවින් එකී අවස්ථාවේ තමා
හමුවට පැමිණි මෙම ප්‍රංශ ජාතිකයා මහත් වූ හරසරින් පිළිගෙන ඇත. කාලයේ ඇවෑමෙන්
ලැනරෝල්හට කන්ද උඩරට තානාපතිකම හිමි විය. නමුත් පසුව ඔහුගේ හැසිරීම පිළිබඳව නොරිස්සීම
හේතුවෙන් රජු ඔහුව සිර දඩුවමකට යටත් කරනු ලැබූ අතර, ලැනරෝල්ගේ දැක්වූ කුළුපඟු භාවය නිසා
නිදහස් කර මුහන්දිරම් පදවියක් පිරිනමා ඇත.
ලැනරෝල් පදිංචිව සිටියේ මහනුවර වන අතර, ඔහු පෘතුග්‍රීසි කාන්තාවක් විවාහ කරගන්නා ලදී. මෙම දෙපළට ලැබුණු දරුවන්
අතරින් එක් දරුවෙකි පේදෲ ගැස්කොන් හෙවත් අපගේ කථාවේ එක් චරිතයක්වන දස්කොන්. රජුට සෙන්කඩගල, හඟුරන්කෙත සහ කුණ්ඩසාලේ යන ස්ථාන තුනෙහිම රාජ මාළිග
තිබුණ අතර එයින් හඟුරන්කෙත පිහිටි රජ වාසල අසල ඔහු හැදී වැඩුණු බව ඉතිහාස කථාවල සඳහන් ය.
දස්කොන් උපතින්ම ඉගෙනීමට
හපනෙක් විය. සුරියගොඩ කිත්සිරි මෙවන් නම් සාමණේර හිමි වෙතින් හෙතෙම සිංහල භාෂාව ඉතා හොඳින් ප්‍රගූණ කරන
ලදී. එමෙන්ම ජුසේවාස් පියතුමා මඟින් පෘතුග්‍රීසි භාෂාවත් කිතු දහමත් ඉගෙන ගන්නා ලදී. දස්කොන්
තම සම වයසේ පසු වූ රජුගේ පුත්
නරේන්ද්‍රසිංහ කුමරු හා ඉතා තද මිතුදමක් තිබිණි. මේ දස්කොන්ගේ ළමා අවධිය ය.
දෙවන රාජසිංහ රජු 1634 -1686 දක්වා පාලනයකළ අතර ඔහුගේ අනුප්‍රපාප්තිකයා ලෙස දෙවන විමලධර්මසූරිය රජු රජකමට පැමිණේ.
දෙවන විමලධර්මසූරිය රජු අභාවයෙන් පසුව එනම් ක්‍රි. ව. 1707 දී ඔහුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමාරයාට සිංහාසනය හිමිවේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
රජු 1707 සිට 1737 දක්වා රජ කරන ලද අතර ඔහු සිංහලේ අවසාන රජු ද වේ. නරේන්ද්‍රසිංහ රජු
රජකමට වඩා කෙළිලොල් ජීවිතයකට
හුරු වි තිබීමත්, කලහකාරී සහ කෘෘර ගති සහිත වූවකු වූ
බැවින්ද, සුරාව, සූදුවේ සහ ස්ත්‍රීය කෙරේ ලොල් වූ අයෙකු වූ බැවින් ද
සෙල්ලම් නිරිඳු යන අනුවරුත නාමය ද ජන වහරේ පට බැඳිනි.
මෙම කාල වකවානුවේ සාමාන්‍යෙයන් රජවරු සිදුකළා වූ ආකාරයටම ඔහු ද ඉන්දියාවෙන් වංශක්කාර
කුමාරියක් පිය රජු විසින් සොයා බලා තුබූ අතර, එසේ ගෙන්වාගත් කුමරියක හා 1708 දී සරණ පාවාගෙන ඇත. මෙය කාලවකවානුවේ ඉන්දියාවේ නායක්කර්
රාජකීය වංශයේ කුමරියක් හා විවාහ වීම රාජ්‍ය බලය නොනැසී ඉන්දියාව සතු කර ගැනීමක්
හා සමාන ය. අපට බොහෝ ලේඛනවන සහ ජනවහරේ අසන්නට ලැබෙන ඉන්දියාවෙන් ගෙන්වා සරණ පාවා දුන් මෙම කුමරිය නමින් ප්‍රමිලා විය.
ඉතිහාස කථාවල සඳහන් වන පරිදි රජුට ප්‍රමිලා පමණක් නොව
තවත් බිසවන් කිහිප දෙනෙක් සිටීන
ලද අතර තවත් එක් බිසවක් ලෙස පෘතුග්‍රීසීන් විසින් උපායශීලීව රජුට ලංකළ කුමාරිකාවක් ද විය. කෙසේ
වෙතත් මෙම කාලවකවානුවේ රජු පෘතුග්‍රීසීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ද බොහෝ කටයුතු කර
තිබේ. නරේන්ද්‍රසිංහ රජුටද පෙර කී
පරිදි හඟුරන්කෙත, කුණ්ඩසාලේ සහ සෙන්කඩගල නමින් රාජ වාසල
තුනම විය. ප්‍රමිලා හඟුරන්කෙත රජමාලිගයේ
රඳවා සිටීය.
තමන් කුඩාකල සිටි ආශ්‍රයකළ දස්කොන් ව මහා අදිකාරම් ධූරයේ පිහිටුවයි. දස්කොන් සහ ප්‍රමිලා අතර ප්‍රේමයක් හට ගනුයේ ඉන් අනතරුවයි කියා බොහෝ ලේඛනවල සඳහන් ය. ප්‍රමිලා
දස්කොන්ගේ කවි සිතුවිලි වලට සහ කඩවසම් පෙනුමට පෙම් බැන්දේ ය. සමහර ඉතිහාස කථාවල කියවෙන පරිදි
මොහුන්ගේ ප්‍රේමය කවි වලින් ප්‍රකාශකර
ගෙන ඇත. ප්‍රමිලා හඟුරන්කෙත රජ වාසලේ විසීමත්, රජු වැඩිපුර සන්කඩගල රජ වාසල විසීමත් හේතුවෙන් ප්‍රමිලා සහ
දස්කොන් අතර, දැඩි ප්‍රේම බන්ධනයක් හට ගැනීමට මනා පසුබිම
සකස් කර දී තිබිණ.
දස්කොන් සහ ප්‍රමිලා අතර හුවමාරූ වූවායි සැලකෙන පහත
කවි උපුටා ගැනීමකින් පහත දැක්විය හැක.
යන්නෝ මෙමඟ රෑ දහවල තොර වෙත්ද
බොන්නෝ මෙගඟ දිය බොර කරලා යත්ද
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙත්ද
දන්නෝ උපා මිණි බැඳිදොර නාරිත් ද?
ප්‍රේමානුරාගයෙන් වෙළෙන්න ඇය කතා කරයි. කතා කරනා විට එය
හැර යන්නේ කවුරුද? ඇය දස්කොන්ගෙන් අසයි.
අකුරු කළේ කුමට ද නුවණ මඳ ගුරු
හකුරු කැලේ දමති ද දියවී යන තුරු
කපුරු මලේ සුවඳට වැනසෙති බඹරූ
කපුරු මලේ දැක දැක නොකරන් වියරූ
හකුරු කැලයේ දිය වී යන්න දමා තිබෙනු බව මා දනිමි. නමුත්
බඹරු කපුරු මලට එක් වී විනාශ වී
ගිය ද මෙය මාහට ද හැර යා නොහැක. දස්කොන් පෙරළා ප්‍රමිලාට කියයි.
අවසානයේ දී මෙම ප්‍රේමය රජවාසල බොහෝ දෙනෙකුට ප්‍රසිද්ධ
රහසක් විය. දස්කොන්ගෙන් පළි ගැනීමේ චේතනාවේ සිටි
සමහරෙක් මෙම කාරණය ඉත්තෙක් කර ගැනීමට මාන බැලූහ. එකල බොහෝ සිංහලයන් දස්කොන් සමඟ පිටතට
නොපෙන්නුව ද අමනාපයකින් පසු විය. මෙයට ප්‍රධාන හේතුව දස්කොන් මිෂනාරි කටයුතුවල
සම්බන්ධ වී සිටීම ය. කාලයාගේ
ඇවෑමෙන් ප්‍රමිලාට අභිරහස් රෝගයක් හට ගැනිණි. රෝගය සදහා හේතු විමසූ දෛවඥයන් මේ සඳහා අග මුල ගලපා
තීරණයකට ආවේ බලි තොවිලයක්කල යුතු බවත්, ඒ සඳහා ප්‍රමිලාගේ රුවට සමාන මැටි අනුරුවක් අවශ්‍ය බවත් ය.
එකී කාර්යය දස්කොන් මූර්ති ශිල්පියකු ලවා රුවක්
අඹවන ලදී. දස්කොන්ගේ දැනිමේ පරිදි මැටි අනුරුවේ අඩු පාඩුවක් යැයි සලකා ප්‍රමිලාගේ කලවා ප්‍රදේශයේ
වූ උපන් ලපයක් මෙම රූපයට යෙදී ය. ඉතාහස කථාවල තවත්
ආකාරයකින් මෙය අසන්න ලැබේ. එනම්, උපන් ලපය ඔහුව රජුට අසු කිරීමේ
බලාපොරොත්තුවෙන් ඔහු සමඟ අමනාපයෙන් සිටි වෙනත් අයකු විසින් මෙය කරනලද බවයි. සැබවින්ම
උගත්කමක් තිබූ දස්කොන් මෙම කාර්යය කළාද නැතිනම් දස්කොන් සමඟ බොහොදෙනෙකු අමනාපයෙන් සිටි
බැවින් ඔහු හසුකරලීම සඳහා වෙනත්
අයකු විසින් උපන් ලපය තැබුවාද යන්න ගැටලුවකි. නමුත් දෙවෙනි ආකාරයට එය සිදු වී නම් ඇයගේ කලවා ප්‍රදේශයේ
උපන් ලපයක් ඇතිය කියා වෙනත් කවුරුන්ද දන්නේ? ඒ නිසා දස්කොන් විසින්ම මෙය සිදු කළා යැයි බොහෝ දුරට උපකල්පනය කළ හැකිය.
රජු මෙම බලි රූපය දැක සතුටු වූ නමුදු ඉහත ලපය කෙසේ, කවුරුන් තැබුවාද යන්න පිළිබඳව සැකයක් ඇති කරගත්තේ ය. කෙසේ
හෝ අවසානයේ කරුණු සොයා යාමේදී දස්කොන් සම්බන්ධ විය යුතු බව රජුට දැනගන්නට ලැබිණි. ඒ සමඟ ම මෙම
පෙම් පුවත ද රජු අනාවරණය කර
ගන්නා ලද අතර රාජ උදහසට නතු වූ දස්කොන් සිරගත කෙරිණී. නව මහ අදිකාරම් ලෙස ලෙව්කේ රාළ පත් කෙරිණි.
දස්කොන් තමන් නිවැරැදියි පවසා ''නොක්කාඩු මාලය'' නමින් පද්‍ය සංග්‍රහයක් ලියා ලෙව්කේ රාළ
මගින් රජුට ලැබීමට සලස්වනු
ලැබුවද ලෙව්කේගේ සිතේ ද දස්කොන් ගැන තිබූ ක්‍රෝධය හේතුවෙන් සිතූ එය ලබා දීම සිතා මතාම පමා කරන ලදී.
කිසිදු නිදහසට කාරණයක් දස්කොන් ඉදිරිපත් නොකරන්නේ යැ යි සිතූ රජු දස්කොන්ගේ අවසාන ය ලියන ලදී. ඒ
අනුව දස්කොන් බෝගම්බර දංගෙඩියට ගෙනගොස් පුරාණ
දෙතිස් වධයෙන් එක් වදයක් වූ හිස ගසා මරා දැමීය. මෙම හිස ගසා දැමීම 1715 දී පමණ සිදු වී යැයි විශ්වාස කෙරේ.
දස්කොන් මරා දැමීමෙන් පසු දස්කොන් සමීපය ඇසුරුකළ
ගොන්සාල්වේස් පියතුමන් ද සිරකරනු ලබන නමුත් පියතුමන්ගේ අනුගාමිකයන් පිරිසක්
දස්කොන් සහ පියතුමන් නිවැරැදි බවට
කරුණු දක්වයි. මේ හේතුවෙන් නව මහ අදිකාරම් ලෙව්කේ රාළ සිරගත කෙරූ අතර, මෙම සිද්ධියට දස්කොන්ට සිංහල අකුරුකළ
සූරියගොඩ කිත්සිරි තෙරුන් අදාළ යැයි ගොන්සාල්වේස් පියතුමන්ගේ අනුගාමිකයින් පැවසීම
හේතුවෙන් උන්වහන්සේගේ හිස ගසා දමී ය. සුරියගොඩ
තෙරුන් අප හොඳින් අසා ඇති බෞද්ධ වීර චරිතයක් වන වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ගුරු
හාමුදුරුවන් ය. බුද්ධ ශාසනයට
කිසිදු රජුගෙන් අනුග්‍රහයක් පෙර සිට නොතිබූ බව දත් වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ද තමාට අනතුරක් වේදෝ
බිය හේතුවෙන් වහා පලා ගිය හ.
පසු සටහන.
- දස්කොන්
යනු කාව්‍ය නිර්මාණකරුවෙකු උවද, දස්කොන් - ප්‍රමිලා යන දෙදෙනගෙන් සංවාද හැර වෙනත්
කවි ඇති බවට සදහනක් නැත.
- ඉන්දීයාවේ
මදුරාසිය ප්‍රදේශයේ සිට මෙහි ආ ප්‍රමිලා මෙතරම් භාෂා හැසිරවීමක් සහිත කාව්‍ය
නිර්මාණය කළේ කෙසේ දැයි අපැහැදිලි ය.
- දස්කොන්
පිටදේසක්කාර යුවලකට මෙරටදී හමුවූ මෙන්ම, පිටදෙසක්කාර ගති, සිරිත් විරිත්, ආගමික මතවාද හෙවත් මිෂනාරි ආගමික ප්‍රචාරය මැදිහත් වූවෙකි. එමෙන්ම
මෙම කාල වකවානුවේ රජමැදුර විදේශිකයන් බහුල වූ බැවින් ද මේ සඳහා රාජ්‍ය
අනුග්‍රහයද ලැබිණි. තවද ඔහුන්ගෙන් සිංහල රදළ වරුන්ට සහ සංඝයා වහන්සේට
විරුද්ධව කුමන්ත්‍රණ එල්ලවීය. එබැවින් සිංහල රදළ වරුන් සහ සංඝයාවහන්සේ මොවුන් සමග
උරණව සිටී ය.
- රජුගේද
ඇති නොමනත් කම් මත ද විදේශීය බලපෑම් මත ද බුදු දහම තවදුරටත් පිරිහී යමින්
තිබිණ.
- දස්කොන්ට
මෙම ඉරණම අත්වූයේත් ඔහුන් දෙපළ රාජ උදහසට හේතු වූයේත්, දස්කොන් සහ ප්‍රමිලාගේ කාව්‍යවල
තිබූ අඩු පාඩු හේතුවෙන්
වස් වැදීමක ප්‍රතිඵලයක් හෝ දස්කොන් හා උරණව සිටි උඩරට රදළවරුන් විසින් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්
හෝ ලෙස ය කියා ජනප්‍රවාදයේ කියවේ.
- ප්‍රමිලා
බිසව ගැන ඉන් අනතුරුව කිසිදු සඳහනක් ඉතිහාස කථාවල සඳහන් නොවන අතර, එම දිනවලදී රජ බිසවක් මරණයට
පත්වූ බවත් ඒ ඇය විය හැකි බවත් විශ්වාස
කෙරේ.
- නරේන්ද්‍රසිංහ
රජු හට දරුවන් නොසිටි අතර මේ හේතුවෙන් තම පළමු බිසවගේ සහෝදරයා වූ නායක්කර්
රාජකීය වංශික ශ්‍රී විජයරාජසිංහ හට රජකම පැවරීය. මේ අනුව සිංහල පෙළපතේ
රජකම නායක්කාර් වංශිකයන්හට
මාරු විය. එනම් සිංහල රාජධානියේ සෙංකඩගල යුගයේ සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය අවසාන ය එය
වූ අතර, නායක්කර් රාජ වංශයේ ආරම්භය විය.
- මේ අනුව
ශ්‍රී විජයරාජසිංහ රජුගේ සහෝදරිය ප්‍රමිලා ලෙස ද සැලකිය හැකි ය.
- සිංහලේ රාජධානිය යටත්කර ගැනීමේ ප්‍රධාන සැලසුම්
කරුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ඩොයිලි පවසන පරිදි බිසව සමඟ අනාචාරයේ
යෙදුණ අයෙකු මරා දැමූව ද අන්තංපුර ස්ත්‍රීන් සමඟ අනාචාරයේ යෙදුණ අයෙකු ට එම
දඩුවම ලබා නොදී ලිහිල් දඩුවමක් ලබා දේ. මේ අනුවද ප්‍රමිලා රජුගේ අග මෙහෙසිය
බව සිතිය හැකි ය.
දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය අවසන් වූයේ එසේය.ප්‍රේමය, ශෲංගාරය, විරහව, වියෝව කැටිවූ මෙම අපූරු කතා පුවතෙහි තිබූ සාහිත්‍යමය රසවින්දනය නිසා පසුකාලීනව නිර්මාණ කීපයකටම එය නිමිත්තක් වූයේය.කලු හා සුදු මුසු වූ අලු පැහැ මිනිසුන් සිටින ලොවක කවුරුන් වැරදිද කවුරුන් නිවැරදිද යැයි කාටනම් කිව හැකිද......
පොත පත ඇසුරිනි.