2013-01-09

මිනිස්සු විතරද ආදරේ කරන්නෙ...

මේක මම කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දෙ ඉන්නකාලෙ ගත්ත පින්තූරයක්.
කොළඹ විශ්ව විද්‍යාලෙ පරණ පුස්තකාල ගොඩනැගිල්ල ඉස්සරහ තියෙන මාර ගහ ය‍ට දවසක් පූස් පැටියෙක් නිදාගෙන හිටිය. ඒ ඔය කහපාට එක්කෙනා. පිරිමි සතෙක් වගේ පෙනුනෙ. ‍මෙයාගෙ අනිත් එක්කෙනා ටිකක් එහාට වෙන්න හිටි‍යෙ. මම ඔතනින් ලෙක්චර්ස් යනකොට මාව දැකල බයවුන අර ඈතින් හිටපු පූස් පැටිය දුවගෙන ගිහින් අර ගහ‍යට හිටපු යාලුව ළග තුරුල්වුනා. මම හිමින් ගිහින් මගෙ පෝන් එකෙන් දෙන්නගෙ පොටෝ එකක් ගත්ත. 
2007 දී ඕක ගත්තෙ. 

ඉතින් ඒ පොටෝ එක තාම තියෙනවා. මාර ගහත් ඒ විදිහටම ඇති. ඒත් පූස් පැටව් දෙන්නයි එයාලගෙ ආදරයිනන් තාම තියෙනවද දන්නෙ නෑ.......