ඇත්තටම තාත්ත කියල කියන්නෙ මහ පුදුමාකාර චරිතයක්. දෙවි කෙනෙක් කියල කිව්වත් වැරදි නැහැ. වරදවා හිතන්න එපා මම මේ කියන්නෙ සංකේතාත්මක පියා ගැන මිසක් උප්පැන්න සහතිකේ පියාගෙ නම ඉස්සරහින් නම ලියල තියෙන මනුස්සය ගැන නෙමේ. මොකද තමන්ගෙම දුවව දූෂණය කරන විදිහෙ පිරිමි ඉන්නව අර විදිහට උප්පැන්න සහතිකේට නම දීපු .
සංකේතාත්මක පියාගෙ ලක්ෂණ මොනවද කියල බලමු.
තමන්ගෙ ජීවිතයටත් වැඩිය දරුවව වටිනව කියල හිතනව. දරුව ඉපදුනේ අත් වැරදීමක් වෙලා නෙමේ. දරුවට කවන හැම බත් ඇටයක්ම තමන්ගෙ දහඩිය බින්දු වලින් උපයපු දේවල්. දරුවගෙ කුසගින්න වෙනුවෙන්වෙන මිනිහෙකුගෙ කකුල්දෙක ළග වැද වැටෙන්න උනත් ලෑස්තියි. ලංවෙලා බැලුවහම පේනවා දරුවො ජීවත් කරන්න වෙන මහන්සියට මුළු ශරීරයම දිරල තියෙන හැටි. දරුවට අනතුරක් වුන වෙලාවක ඒ වෙනුවෙන් තමන්ට කරන්න පුලුවන් හැමදේම කරනව. හැමෝම ඉස්සරහ හිනාවෙලා හිටියට හිත යටින් නොසෑහෙන්න අඩනවා.
ඔන්න දැන් තේරෙනව ඇති පියාගේ සහ සංකේතාත්මක පියාගේ වෙනස මොකද්ද කියල. ඒවගෙ පරමාදර්ශී චරිතයක් ගැන තමයි දිවුල්ගනේ මහත්මය ගායනා කරන ඔය ගීතයෙන් කියවෙන්නෙ. ගැලපෙන පින්තූරයක් අමාරුවෙන් හොයාගත්තෙ.
No comments:
Post a Comment